ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජය කිසිවිටෙක බාහිර බලවේගවලට ඉඩ නොතැබිය යුතු බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් අවධාරණය කරයි.
ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත්ද යන්න පසුගිය අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය ආධාර තුළින් පෙන්නුම් කර ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය තුළ චීන ඔත්තු නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළ වූ පුවතෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවයේ ඉරිතැලීමක් ඇති බවට රාවයක් පැතිර යන බවත් මෙය ඉතා භයානක බවත් පලනි දිගම්බරම් සඳහන් කරයි.
චීනයේ සූක්ෂම ඔත්තු නෞකාවක් මගින් ඉන්දියාවේ ඔත්තු බලන බවට ආන්දෝලනාත්මක තොරතුරු නිකුත් වී ඇති බැවින් ශ්‍රී ලංකාව මේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ඒ අතරම ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය වැනි රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගත යුතු අතර, වෙනත් රටක් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට හෝ වෙනත් රටක් සමඟ ඇති වෛරය සමතයකට පත් කර ගැනීමට ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගැනීමට කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුය.
පලනි දිගම්බරම් රජයෙන් ඉල්ලා සිටින්නේ, එබැවින් මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර ඉන්දියාව සමඟ පවතින සබඳතාවයේ කිසිදු විරසකයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසය.