අම්බලන්ගොඩ කෙරමිණියගේ නටවන්නේ මම නෙමෙයි…! පාඨලීිගෙන් CIDයට පැමිණිල්ලක්…

April 9, 2021 at 9:37 pm | by emanisa.lk

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ සභාපති අම්බලන්ගොඩ ග්‍රේෂන් කෙරමිණියගේ සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරයි.

අම්බලන්ගොඩ ග්‍රේෂන් කෙරමිණියගේ මෙහෙය වන්නේ තමා ඇතුළු සමගි ජන බලවේගය බවට ප්‍රකාශ කරන වීඩියෝ සමාජ මාධ්‍යයල සංසරණය වන බව ඔහු සඳහන් කරයි.

අම්බලන්ගොඩ ග්‍රේෂන් කෙරමිණියගේ නටවන්නේ තමා නොවන බවත් මේ පිළිබඳ සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවත් මන්ත්‍රිවරයා පවසයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ පච මාධ්‍ය මෙහෙයුමකින් බවත් ඒ සඳහා ජනතාවගේ ආගමික විශ්වාස පවා ඉතා ම තිරශ්චීන ආකාරයට කොල්ල කෑ බවත් ඔහු අවධාරණය කරයි.

ජනාධිපතිවරයා සොවාන් වී ඇති බවත් ඔහුගේ මෑණියන් රුවන්මැලිසෑයේ දේවතාවියක් බවත් අනාගත නායක නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට අනුගත කිරීමේ වගකීම තමාට පැවරී ඇති බවත් පසුගියදා අන්තර්ජාල නාළිකාවක් සමඟ සංවාදයකට එකතු වෙමින් ප්‍රකාශ කළේ ග්‍රේෂන් කෙරමිණියගේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *