අම්පාරේ පල්ලිය කඩන්න උපදෙස් දුන්නේ සරත් වීරසේකර…! ඔප්පු කරන්න සූදානම්…! හඬපට මා සතුයි…! – අසාද් සාලි…

March 14, 2021 at 7:03 am | by emanisa.lk

අම්පාරේ පල්ලියක් කඩා දැමීම සඳහා සියලු උපදෙස් දුන්නේ අමාත්‍ය සරත් වීරසේකර බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

ඒ බව හිටපු ජනාධිපතිවරයා ද පවසන බවත් ඊට අදාළ හඬපට තමන් සතුව ඇති බවත් ඔහු අවධාරණය කරයි.

තමන් අත්අඩංගුවට ගතහොත් අධිකරණයට එම දුරකතන සංවාද ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ කොමිසමේ වාර්තාව තුළ ආණ්ඩුව බලාපොරොත්තු වූ පුද්ගලයන්ගේ නම් නොමැති කේන්තියෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඔහු එහි දී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *