හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලට අයත් රන් මුදු සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමානඩ් බන්ධනාගාරගත කර තිබේ.
මන්ත්‍රීවරයා පසුගිය මැයි 09 වෙනිදා අරගලකරුවන් විසින් පහර දී ඝාතනය කළ අවස්ථාවේ දී ඔහු පැළඳ සිටි රන් මුදු දෙකක් සොරකම් කළ අයෙකු හා තවත් එක් රන් මුදුවක් සොරාගත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් මෙම මස 22වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.