ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කර තිබුණි.
ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.