අපොස සාපෙළ විභාගය 10 වසරේ දී…!

August 13, 2023 at 1:19 pm | by emanisa.lk

අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේ දී පැවැත්වීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

සාමාන්‍ය පෙළ ආරම්භ අවදියේ දී 10 ශ්‍රේණියේදී පැවැත්තවුවද පසු කාලයේදී එම විභාගය 11 වැනි ශ්‍රේණිය දක්වා වසරකින් ඉදිරියට ගත්තේය.

ඉතා කෙටි කලක් තුළ වේගයකින් දැනුම දෙගුණ වන සමාජයට අවශ්‍ය යාවත්කාලීන කිරීම්කර නව අධ්‍යාපන වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු යා යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය දරු පරපුරට උරුම කරදීමේ පදනම සකස් කළ යුතු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *