අපේ වසන්තට ගහපු කතාව බොරු…! තෙරපුම නිසා සහෝදරයෙකුට සුළු තුවාල වුණා…! – මහින්ද ජයසිංහ..

July 14, 2022 at 6:57 pm | by emanisa.lk

ඊයේ (13) ගාලු මුවදොර අරගල භූමියේ දී ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහට කිසිදු පහර දීමක් සිදු නොවූ බව එම පක්ෂයේ මහින්ද ජයසිංහ පවසයි.

අරගලකරුවන් පැවැත් වූ ජන හමුව අමතන අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙක් වසන්ත සමරසිංහගේ කතාවට බාධා කිරීමට උත්සාහ කළත් ඔහු සිය කතාව බාධා මැඩගෙන අවසන් කළ බවයි, මහින්ද ජයසිංහ තහවුරු කළේ.

එම අවස්ථාවේ වසන්ත සමරසිංහට කිසිදු පහර දීමක් සිදු නොවුණ ද ඇති වූ තෙරපුම නිසා ජනතා විමුක්ති පෙරමුණේ වරාය වෘත්තීය සමිතියේ ලාල් බංගමුවගේගේ නහයට සුළු තුවාල සිදු වූ බවත් ඔහු සඳහන් කළේය.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ අය ඉදිරියේ දී හෙළි කරන බවත් ඒ පිටුපස රනිල් වික්‍රමසිංහ සිටින බවත් මහින්ද ජයසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *