විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට තම පියා ඇතුළු බොහෝ නායකයන් පොරොන්දු ලබා දී ඇතත් එය ඉටු වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.
ඊයේ (22) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව පැවසීය.
රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට කටයුතු කළ හැකි වුවත් ඊට මුවාවී ඡන්ද කල්දැමීමේ උත්සහය ඉතා වැරැදි බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගොස් ඡන්ද කල් දැමීමට කටයුතු කරනවා නම් ඊට කිසිසේත් ම ඉඩ නොතබන බව ද හෙතෙම අවධාරණය කරයි.
ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමීමට බලයක් නැති බව ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වසර 45කට අධික කාලයක් දේශපාලනයේ නිරත වන වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.