අපි යූූරියා දෙන කොට ගොයම් කපල තියෙන්න පුළුවන්..! – කෘෂිකර්ම ඇමැති…

July 1, 2022 at 6:32 am | by emanisa.lk

යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙලා අවසන් නම් ඔවුන්ට එම පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වී වගා කළ ගොවීන් යම් කිසි අපහසුතාවකට පත්ව ඇත්නම් එම ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක් යැයිද ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන් අනතුරුව දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහි දී දැනට අස්වනු නෙලා අවසන්ව තිබුණ ද වී ගොවීන්ට යුරියා පොහොර අවශ්‍ය නම් ඒවා ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස