අපි දේශපාලනය කළේ රට වෙනුවෙන් මිස පවුලක් වෙනුවෙන් නෙමෙයි…! – දිලිත් ජයවීර…

November 6, 2023 at 1:13 pm | by emanisa.lk

වසර තිහක් තිස්සේ තමන් වක්‍රව දේශපාලනය කළේ ජාතිකත්ව කඳවුර රැක ගැනීමට බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

එසේ නොමැතිව කිසිවෙකුගේ පෞද්ගලික උවමනාකම් ඉටු කර ගැනීම උදෙසා තමන් සහයෝගය ලබා නොදුන් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඊයේ (05) ගාල්ල නගර ශාලාවේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් නිර්මාණය කිරීම යන තේමාව යටතේ පැවැති එම පක්ෂ මංගල සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

රට වෙනුවෙන් දේශපාලනය කිරීම නිසා ම සිය සමාජ ප්‍රාග්ධනය මෙන් ම ව්‍යාපාර ද අපකීර්තියට පත් කොට ඇතැයි සඳහන් කළ දිලිත් ජයවීර, ඒ නිසා ම තමන් ඍජුව දේශපාලනයට පිවිස වෙනසක් කිරීමට තීන්දු කළ බව ද ප්‍රකාශ කළේය.

සිය ව්‍යාපාර හෝ පෞද්ගලික කටයුතු සඳහා දේශපාලනඥයින්ගෙන් කිසිදු උදව්වක් ලබා නොගත් බවත් 96 ලක්ෂය යනු පොහොට්ටුව නොව තමන් බවත් හෙතෙම කීය. එහෙයින් ජාතිකත්ව මතය සල්ලිකාරයෙකු අල්ලා විකුණා දැමීමට ඉඩ නොදෙන බව ද දිලිත් ජයවීර අවධාරණය කළේය.

තමන් දේශපාලනයට උඩින් පාත් වුණේ යැයි කිසිවෙකු සිතන්නේ නම් එය බලවත් වරදක් බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *