චීනය ශ්‍රී ලංකාවට සහය වන්නේ සැඟවුණු දේශපාලන අරමුණුවලින් තොරව බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විදෙස් මාධ්‍ය සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකට ප්‍රතිචාර දක්වමිනි.
පදනම් විරහිත චීන ණය උගුල චෝදනාවට ප්‍රබල ප්‍රතික්ෂේප කිරීමක් වන විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රකාශ චීනය ප්‍රශංසා කරන බව ද ඔහු සඳහන් කර ඇත.
චීන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, චීනය කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ මූල්‍යකරණයෙන් කිසිදු ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා නොකරන බව ය.
එමෙන් ම, මෙරට ණය ගැටලු නිසි ලෙස විසඳීම සඳහා චීනය සහය දක්වන බව ද ඔහු සඳහන් කර ඇත.