කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල ක්‍රමවත් අධ්‍යයනයකින් පසුව ආරම්භ කළ වැඩපිළිවෙළක් බවත්, ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත බවට පත් කිරීම එහි අරමුණ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
එම අරමුණ ඉටුවන තෙක් කුමන හේතුවක් මත හෝ කාබනික ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බවත් ඇමතිවරයා සඳහන් කරයි.
මෙම කන්නයේදී ඇති වූ අඩුපාඩු මගහරවා ගනිමින්, ගැටලු විසඳා ගනිමින් එළඹෙන කන්නයේදී කාබනික වගා ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට හැකිවනු ඇති බවට ද කෘෂිකර්ම ඇමතිවරයා විස්වාසය පළ කරයි.
ලෝකයේ මත්කුඩු හැරෙන්නට අනෙක් ප්‍රධානතම මාෆියාව රසායනික පොහොර බව පෙන්වා දෙන ඇමැත් අළුත්ගමගේ පවසන්නේ මේ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ආපසු හැරවීමට රසායනික පොහොර සමාගම් විශාල ලෙස මුදල් යොදවන බවයි. කෘෂිකර්ම අමාත්‍යංශයට සහ ආණ්ඩුවට හැප්පීමට සිදුව තිබෙන්නේ බිලියන 100 ක මුදලක් සමග බවද ඔහු පවසයි.
සියලු දෙනාගේ සහයෝගය නිසි පරිදි ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් කාබනික වගාව සාර්ථක කරගත හැකි වනු ඇති බවත්, තවත් කන්න කිහිපයක් යන විට එහි සාර්ථක ප්‍රතිඵල සියලු දෙනාටම භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පවසයි. එතෙක් බාධා සිදු නොකර, සියලු අපහසුතා ඉවසා දරාගෙන සිටින ලෙස මහින්දානන්ද අලුත්ගමගේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.