අපනයන ආදායම පිට රටවල සැඟවීම විශාල ප්‍රශ්නයක්…! – මහින්ද…

November 22, 2022 at 4:04 pm | by emanisa.lk

රටේ අපනයන ආදායම නිසි ලෙස නිසි වෙලාවට රටට ලැබෙන්නේ ද යන්න සොයා බැලිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් වාර්තා කරන පරිදි මේ වන විට එය නිසි ලෙස සිදු නොවන බව පෙනෙන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

අපනයනවලට අදාළ ඩොලර් සංචිත දින 180ක් ඇතුළත නැවත රටට ලැබිය යුතු වුවත් එසේ නොලැබීම විශාල ගැටලුවක් බව ද මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ආර්ථික අර්බුදය නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අවස්ථාවක ඒ ජනතාව සමහරු දේශපාලන අභිලාෂ උදෙසා භාවිත කළ ද ඒ ජනතාවට දොස් නැඟිය නොහැකි බවයි, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

අද (11) අයවැය විවාදයට එකතු වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *