අපට පාර්ලිමේන්තුවට එන්නත් ලැජ්ජයි..! ගෝඨා ගෝ හෝම් කී අය ගෙදරට ම ගිහින් ඇමැතිකම් ගන්නවා…!

May 20, 2022 at 4:08 pm | by emanisa.lk

මේ වෙන දේවල්වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බව ද ඊළඟ වාරයේ සිට දේශපාලනයෙන් සමු ගන්නා බව ද සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද (20) හෙතෙම මේ බව පැවසීය.

“ගෝඨා ගෝ හෝම්’ කියා කෑ ගැසූ අය අද ජනපතිගේ ගෙදරට ම ගොස් ඇමතිකම් ලබා ගෙන ඇති බව කී දිගම්බරන්, මෙවා මොනවාද කියා තමාට තේරෙන්නේ නැති බව ද සඳහන් කළේය.

මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් යැයි ද ඔහු සඳහන් කළේය.

වතුකරයේ තිබෙන වගා නොකළ ඉඩම් වගා කටයුතු කිරීම සඳහා එහි ජනතාවට බෙදා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව ද මෙහි දී පලනි දිගම්බරන් වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *