සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඉතා ම අපහසුවෙන් ජීවත් වන අවස්ථාවේ තමන්ට දානය ගෙන ඒමට වෙහෙසීමෙන් වළකින ලෙස කොටවෙහෙර සුධීරගම ශ්රී ජිනරතන සදහම් සෙවන විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියෝ දායකයින්ගෙන් ඉල්ලා සිටිති.
කිරි උවමනා භික්ෂූන් වහන්සේලාට නොව දරුවන්ට බවත් දරුවන්ට කෑම නැත්නම් පන්සලට එවන ලෙසත් එහිමියෝ සිය හතර පේරුවේ දායකයින්ට දැනුම් දී තිබේ.
ජනතාවට හරියට කෑමක් බීමක් නොමැති මේ අවස්ථාවේ දානය සමග පිරිකර ගෙන නොඑන ලෙස ද උන් වහන්සේ ප්රකාශ කළහ.