අපට ගහපු කරුමේ ගෝඨාභයට පඩිසන් දුන්නා…! ඔහු රටෙනුත් පළවා හැර අනාථයෙක් කළා…! සිංහල රට දෙමළ රාජ්‍යයක් කරන තුරු අපි සටනේ…! – රාසමානික්කම්…

September 12, 2022 at 9:19 am | by emanisa.lk

දෙමළ ජනතාවට ලොව කිසි තැනක රටක් නැති බවත් සිංහලයින්ගේ ශ්‍රී ලංකාව දෙමළ රාජ්‍යයක් කර ගැනීමට සටන් කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යන් ශානක්‍යන් සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

“දෙමල ජනතාව ලෝකයේ හැම තැනම ඉන්නවා. නමුත් ඔවුන්ට ලෝකයේ රටක් නෑ. යුද්ධය කාලේ අනාථයින් වශයෙන් පැමිණි අපි අද ලෝකය පුරා විශාල බලයක් ගොඩ නගාගෙන ඉන්නවා. අද ලංකාවේ රජය දෙමළ මිනිසුන්ගේ මුදල් බලාගෙන ඉන්නේ ඒක අපට ආඩම්බරයක්.

ලංකාවේ අපෙ දෙමළ ජනතාවට හිමි දේශපාලන තීන්දුව නියත වශයෙන්ම ලැබේවි. එය ලැබෙන් තෙක් අපි හැමෝම එක්ව සටන් කළ යුතුයි.

මම කර්මය විශ්වාස කරන්නේ ඇයි කිව්වොත් අපේ රටේ සිට අපේ ප්‍රදේශයේ සිට අපට පහර දීලා එලවපු ගෝඨාභය රාජපක්ෂ රටින් පළා ගිහින් අනාථයෙක් වෙලා වෙන රටක හැංගිලා ඉන්න වුණා. ගෝඨාභයට ඡන්දේ දීපූ මිනිසුන්ම ගෝඨාභය රටෙන් පන්නලා තියෙනවා ඒක තමයි කරුමය.

අපි අපේ රටේ ගෞරවනීය දේශපාලන විසඳුමක් කරා යමින් ඉන්නවා. අපේ ජනතාවට සාමය උදාකරන තෙක් මගේ දේශපාලනය ක්‍රියාත්මකයි.

2009ට පසු ලංකාවේ පිටත සිට දෙමළ අපි හැමෝම ක්‍රියාත්මක වුණා. දෙමළ අපි හැමෝම එක් වෙන්න ඔන. අපගේ දේශපාලන විසඳුම ලබා ගැනීමට අපි පහුගිය කාලේ කොතරම් කැප වුණා ද? එලෙසම ඉදිරියටත් කරන්න ඕන.
ලංකාවෙ දෙමළ ජනතාව ඔබවයි විශ්වාස කරන්නේ අපගේ දේශපාලන විසඳුම ලබා ගන්නා තෙක් අපි සටන් කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *