අනුර හදන්නේ සජිත් කපලා ලකුණු ඔක්කොම දා ගන්න…! ඒවාට නම් සූදානම් වෙන්න එපා…! -අරගලකරුවෝ..

November 6, 2022 at 5:18 pm | by emanisa.lk

පසුගියදා පැවැති විරෝධතාව අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හූ කීවේ ජවිපෙ සහ එජාප පිරිසක් බව අරගල නියමු මොරින් නූර් පවසයි.

ගාලු මුවදොරට ගිය සජිත් ප්‍රේමදාසට පහර දුන්නේ ද ජවිපෙ බවට, ඔවුහු චෝදනා කරති.

අනුර දිසානායකලාට උවමනා අරගලයේ සියලු ලකුණු තමන්ට ලබා ගැනීමට බවත් ඒ සෙල්ලම් සඳහා සූදානම් නොවන ලෙසත් අරගලකරුවෝ අනතුරු අඟවති.

රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට හෝ අනුර දිසානායකයට කළ හැකි දෙයක් නොමැති බවටත් ජවිපෙ හැමදාම කළේ රට විනාශ කිරීම බවටත් අරගලකරුවෝ වැඩි දුරටත් චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *