යහපාලන ගොදුරක් වූ අනුර සේනානායක සමුගනී….!

February 26, 2021 at 7:39 pm | by emanisa.lk

හිටපු ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ගායකයකුද වූ අනුර සේනානායක අද (26) දහවල් අභාවප්‍රාප්ත විය.

1973 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා පොලිස් සේවයට එක්වූ අනුර සේනානායක, 2015 වසරේ මාර්තු මස 18 වැනිදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

පවුලේ ඥාතීන් සඳහන් කළේ ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බවය.

රිය අනතුරකින් මිය ගිය වාසීම් තාජුඩීන්ගේ සිද්ධිය ඝාතනයක් යැයි හුවා දැක්වීම සඳහා පසුගිය යහපාලන ආණ්ඩුව අනුර සේනානායක අත්අඩංගුවට ගෙන විශාල නාටකයක් දියත් කළ බවට චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *