අනුර රටට ගේන්නේ අන්ත දූෂිත අධිකරණයක්… සූරසේන පළමු පිම්මෙන් සරත් සිල්වාත් පරදයි…! – ජනපතිගේ මුං කැවුම් යාළුවා ආණ්ඩුව පට්ට ගහයි….

September 5, 2026 at 10:28 am | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක රටට ලබා දෙනු ඇත්තේ සරත් එන්. සිල්වාටත් වඩා දූෂිත අධිකරණයක් බව වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“අගවිනිසුරු සරත් නන්ද සිල්වටම විරුද්ධව අයිවන්, රජ්පාල්, ජයසේකර තුන් දෙනාම නඩු දැම්ම​. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් හිටියෙ 11 දෙනයි.

සරත් සිල්ව තමයි තමන්ගේ නඩුව අහන බෙන්ච් එක පත් කළේ. ෆුල් බෙන්ච් එකක් එදත් ඉල්ලුව​. නමුත් සිල්වා කළේ පහළ සිට ඉහළට 7 දෙනෙක් පත් කරපු එක​. එයා හිටියෙ නැහැ බෙන්ච් එකේ. කුපාඩි වැඩක් තමා කළේ.

සූරසේන කළේ ඊටත් වඩා කුපාඩි වැඩක්! සිල්වා එයාට අකමැතියි කියල හිතන සීනීයර් ජජස්ල ඔක්කොම නැතුව අවරෝහණ ක්‍රමයට 7ක් දැම්ම​. ඒත් 7/11ක්! මෙතන 5/17ක් (හෝ පුරවල නැති නිසා5/13)

නමුත් සූරසේනතුමා, 17ක් ඉන්න සුප්‍රිම් කෝට් එකේ (අනුරයි එයයි කුපාඩිකමට වේකන්සි නොපුරවා ඉන්න 4 හැරුනම 13ක් ඉන්නවා) සූරසේනතුමාට එරෙහිවත් නඩු දාල තියෙන කොට​, එයත් වාඩි වෙලා 5යි දැම්මෙ. ඒ නඩුවලට උත්තර දෙන්නවත් දුන්නෙ නැහැ.

මේවට හක හක දාන අයට ඉස්සරහට දුක් වෙන්න වෙයි. සරත් සිල්වටත් අන්ත දූෂිත අධිකරණයක් ඉස්සරහට අනුරල ගේන්නෙ!”

උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස