අනුර මහ ගෙදරට ගොස් අමූල් ලොක්කන් දණ ගස්සයි…! මිල්කෝ ගනුදෙනෙුව යළි සාකච්ඡාවකට අමූල් එකඟ කර ගනී…!

February 10, 2024 at 11:41 am | by emanisa.lk

මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල දී ගැනීමේදී විවෘතභාවය ගැන නැවත සාකච්ඡාවක් කිරීමට සූදානම් බව ඉන්දියාවේ අමූල් සමාගම පැවසූ බව ජාතික ජන බලවේගයේ නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

“අපි ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය ලෙසත් විශේෂයෙන් අමූල් සමාගම මුණ ගැහුණා. ලංකාවේ NLDB ආයතනය සහ මිල්කෝ ආයතනය අමූල් සමාගම විසින් මිල දී ගන්න සාකච්ඡා කරලා තිබුණා.

අපි ඔවුන්ට විශාල ලෙස එහි විනිවිදභාවයෙන් තොරභාවය හා අපි ඊට කරන බලපෑමත් පෙන්වා දුන්නා. ඒ වගේ ම මෙහි තියෙන කිසිවක් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කර නැති බවත් ජනාධිපති මේක තමන්ගේ දේපළක් ලෙස භාවිත කර විකිණීමට කරන මැදිහත් වීම ගැන අපේ ඇති විරෝධයත් අපි පෙන්නුවා.

එහිදී ඔවුන් විසින් තව දුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා කිව්වා. ඒ වගේ ම මෙහි විවෘතභාවය ගැන ඔවුන් කටයුතු කරන බව කිව්වා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *