අනුර දිසානායක කවදාවත් බොරු චෝදනා කළේ නෑ…! – හරිනි අමරසූරිය…

August 25, 2023 at 4:25 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය හෝ එහි නායක අනුර දිසානායක හෝ කිසිදු අවස්ථාවක කිසිවෙකුට බොරු චෝදනා සිදුකර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පවසයි.

කිසිවෙකුට තම පක්ෂය චෝදනා කළේ නම් ඒ සියලු සාක්ෂි සාධක සහිතව බවයි, ඇය අවධාරණය කළේ.

තමන් ඉදිරිපත් කළ චෝදනා හෝ ගොනු කළ නඩු පිළිබඳ සොයා බැලීමේ වගකීම ඇත්තේ පොලිසිය ඇතුළු ආයතන ක්‍රියාත්මක කරන ආණ්ඩුව සතු බව ද තම පක්ෂය කිසිදු අවස්ථාවක ආණ්ඩු බලය හොබවා නොමැති බව ද හරිනි අමරසූරිය සඳහන් කරයි.

රාජපක්ෂලාගේ මුදල් උගන්ඩාවේ ඇතැයි චෝදනා අනුර දිසානායකට, මෝල්ටාවේ මුදල් ඇතැයි චෝදනා කළ විට ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්නැයි ප්‍රකාශ අභියෝග කිරීම පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *