අනුර තමන් උගත් පාසලට පැන්සලක් දීලා නෑ..! මම ලක්ෂ 50ක බස් එකක් දුන්නා…! – සජිත්…

December 29, 2022 at 9:44 am | by emanisa.lk

පාසැල්වලට බස් රථ ලබා දෙන්නේ යැයි තමන්ට බස්මෑන් යැයි නම් පට බැඳ නින්දා අපහාස කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අනුරාධපුර තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එකතු වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

රුපියල් ලක්ෂ ගණන් වියදම් කර බස්වලින් සෙනග ඇද ජනරැලි පවත්වන එම පුද්ගලයින් තමන් උගත් පාසලට පවා සත පහක ආධාරයක් ලබා දී නැතැයි ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අධ්‍යාපනය ලැබුවේ ද මෙම පාසැලිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *