අනුරට ඡන්දෙකදි සජිත්ට කිට්ටු වෙන්නවත් බෑ..! – සජබ මහ ලේකම්…

December 18, 2023 at 12:28 pm | by emanisa.lk

මැතිවරණයක දී සිය පක්ෂයට කිසිදු අභියෝගයක් නැතැයි සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ජාතික පුවත්පතක් සමග පැවැති සාකච්ඡාවක දී අනුර දිසානායකගේ ජනප්‍රියත්වය අභියෝගයක් නොවේ දැයි නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා තිබේ.

“අපිට කිසිම අභියෝගයක් නෑ. ඔය ජනමත සමීක්ෂණ කවුද කරන්නෙ ඒවා අපක්ෂපාතී ද ඒ ජනමත සමීක්ෂණ කරපු නියැදි මොනවාද කියන කාරණා ගැන ප්‍රශ්න තියෙනවා.

එහෙත් අපි කරපු ජනමත සමීක්ෂණවලට අනුව නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියෙන් ඉන්නෙ. අනුර කුමාර දිසානායක මහත්තයට සජිත් ළඟට කිට්ටු වෙන්නවත් බෑ. අනිත් එක අනුර කුමාර දිසානායක මහත්තයලා තවම ජනතාවට කියලා නෑ මේ වැටිච්ච රට ගොඩ ගන්නෙ කොහොමද කියලා.

ඒ වගේම ඒ අයට පළපුරුදු කණ්ඩායමක් නෑ. මේ රටේ පළපුරුදු හොරකම් අපරාධ නොකරපු කණ්ඩායම ඉන්නෙ සමගි ජන බලවේගයෙ. ඒ නිසා ජාතික ජන බලවේගය එක්ක අපට තරගයක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *