අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රවලට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාම ලේඛනය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කිරීම සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර තිබුණි.
තවද ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් බව ද නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් සංස්ථාව සඳහන් කළේය.
පොදුජන පෙරමුණු ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර ද ඒ අතර සිටීම විශේෂත්වයකි.
