ඉන්ධන බෙදා හැරීම් මිල 5 වරක් වැඩි කළා..! තවත් ඉල්ලීම අසාධාරණයි…! වර්ජනයට මුහුණ දෙන්න සූදානම්…! – කාංචන…

April 30, 2022 at 12:14 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍යංශය මගින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි. බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකරය.

ඉන්ධන බෙදා හැරීම පාර්ශ්ව 3ක් මගින් සිදු කරයි. රජයට අයත් බව්සර්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයත් බව්සර් සහ පෞද්ගලික අංශයට අයත් බව්සර්. මෙහිදී පෞද්ගලික අංශයට අයත් කුලියට ගන්නා බව්සර් සඳහා, පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා 5කදී මිල ගණන් සංශෝධනය කර ඇති අතර එය අවසානයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව 84%ක වර්ධනයක් වේ.

එමෙන්ම තව දුරටත් සංශෝධන කිහිපයක් කිරීමට එකඟත්වය පල කර තිබුණත් ඒම සංශෝධන ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. ඉන්ධන බෙදා හැරීමෙන් එම පෞද්ගලික අංශයේ බව්සර් ඉවත් වුවහොත් එම කාර්යට පැමිණෙන බව්සර් සහ වෙනත් විකල්ප ක්‍රම භාවිතා කිරීමට මේ වන විටත් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

රාජ්‍ය ආයතනයක් ලෙස මුල්‍යම වශයෙන් කඩා වැටීමට ලක් නොවන ලෙස මිල සංශෝධනයන් සිදු කල යුතු අතර අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම තව දුරටත් සිදු කරයි. ඊයේ රාත්‍රියේද ඩීසල් නෞකාවක් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, පෙට්‍රල් සහ බොර තෙල් නෞකා දෙකක ගොඩ බෑමේ කටයුතුද ඉදිරි දින දෙක තුළ සිදු වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *