මේක ඉබාගාතේ යන ආණ්ඩුවක්…! ජනාධිපති පඹයෙක්..! – අනුර…

June 22, 2022 at 9:47 am | by emanisa.lk

මෙය ඉබාගාතේ යන ආණ්ඩුවක් බවත් ජනාධිපති පඹයෙක් බවත් ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“මේ අර්බුදය මතුවෙලා මාස ගණනක් මේ පාර්ලිමේන්තුවේ විවාද කතා කිසිවක් ජන ජීවිතයේ අර්බුද වලට අබමල් රොනකින්වත් පිළිතුරක් ලැබිලා නැහැ. මිනිස්සු අද බඩගින්ගෙ. දරුවෝ බෙහෙත් නැතුව මිය යනවා. තෙල්, ගෑස් පෝලිම්වල මිනිස්සු මිය යනවා. ගොවි නාටු වූ කුඹුර දිහා බලාගෙන හූල්ලනවා.

ඉදිකිරීම් අංශ විශාල ලෙස කඩා වැටීලා. දරාගන්න බැරි තරම් භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. රට පුරා විශාල උද්ඝෝෂණ කරනවා ජනාධිපතිට ගෙදර යන්න කියලා, කිසි ලෙසකින් ජනාධිපති ඒවට ඇහුම්කන් නොදී තමන් තමයි හොඳටම කළේ කියලා උඩගු කතා කිව්වා.

මේ නායකයා මේ රටේ නායකකමට නුසුදුසු බව ඔප්පු කර ඉවරයි. ජනාධිපති හරියට පඹයෙක් වෙලා. ජනතා දුක්ඛ දෝමනස්සයන්ට උත්තර දෙන්න බැරි නායකයෙක් මොකටද කියලා මිනිස්සු කියනවා. ඒ වගේම මහ නායක හිමිවරුන්, නීතිඥ සංගමය, දේශපාලන විවිධ ව්‍යාපාර යෝජනා කිහිපයක් කළා.

මේ යෝජනා සියල්ල තියෙද්දි ජනාධිපතිවරයා අගමැති කෙනෙක් සමඟ හොර රහසේ ආණ්ඩුවක් හැදුවා. අගමැති අර්බුදය විසඳනවා වෙනුවට අර්බුදයේ ප්‍රකාශකයා වෙලා අද කන්න නැති වෙයි. හෙට කන්න නැති වෙයි. සතියක් අමාරු වෙයි කිය කියා ඉන්නවා. අර්බුද කියනවා යෝජනාවලට කිසිම උත්තරයක් නෑ උත්තර මොනවාද කියලා කියන්නත් බෑ. යටිකූට්ටු වැඩ කරන ආණ්ඩුවක් මේ.

ජනතාව මේ ජනාධිපති හෝ අගමැති හෝ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව විශ්වාස කරනවාද? ඉතා කෙටි කලක් තුළ ආණ්ඩුව අර්බුදයට විසඳුම් ගේන්න අසමත් බව පෙන්වා හමාරයි. තවත් පාර්ලිමේන්තු කාලය කා දමා වැඩක් නැහැ. මේකෙන් රටේ ප්‍රශ්නනෙට. ගොවිගෙ පොහොර ප්‍රශ්නට හෝ ගෑස් අර්බුදයට හෝ රටේ කිසිදු ප්‍රශ්නයකට උත්තර දෙන්න බැහැ. උත්තර මොනවද කියලා වහාම කියන්න.

මේ ජනවරම ඉටු කරන ආණ්ඩුවක් නොවෙයි. ඉබාගාතේ යන ආණ්ඩුවක්. උදේ එකක් කියනවා, දවල් තව එකක් කියනවා. එච්චරයි. මෙවැනි ආණ්ඩුවකින් රටට වැඩක් නැහැ. ඒ වගේම කෙටිකාලීන සැලැස්මක් මාර්ග සිතියමක් වහාම ඉදිරිපත් කරන්න ඕනෑ, එවැනි යෝජනාවලියක් ඉදිරිපත් නොකරන ඒ පාර්ලිමේන්තුව පවත්වා වැඩක් නැහැ. අපි විපක්ෂය ලෙස තීරණය කළා. මේ අර්බුදයට විසඳුමක් දෙන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියලා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස