අන්දරේලගේ කතා ඇහුවට අන්දරේලා රජ කරවන්න ජනතාව ලේස්ති නෑ..! – පියල් නිශාන්ත…

December 30, 2023 at 4:15 pm | by emanisa.lk

අන්දරේලාගේ කතා ඇසීමට කැමති වුව ද අන්දරේලා රජ කරවීමට රටේ ජනතාව සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසයි.

මේ රටේ ජනතාව එදාත් අදත් අන්දරේලාට රටේ නායකත්වය ලබාදීමට සූදානම් නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගයට මේ වන විට රටේ නිර්මාණය වී ඇති ජනප්‍රියත්වය පිළිබඳ මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන බවට සන්ධාන ගොඩනඟන බවට විපක්ෂ නායකයින් ප්‍රකාශ කරන්නේ සැබවින් ම ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැකි නිසා යැයි ද පියල් නිශාන්ත සඳහන් කළේ, මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *