අන්තිමට නටපු නැටුමකුත් නෑ.. බෙරේ පළුවකුත් නෑ…! ස්ටාලින්ලා ගුරු සටන පාවා දුන්නා…! – ස්වාධීන ගුරු සේවා සංගමය

October 19, 2021 at 2:08 pm | by emanisa.lk

ආණ්ඩුව සමඟ පවතින ගිවිසුමක් හේතුවෙන් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියා කළ බව ස්වාධීන ගුරු සේවා සංගමය චෝදනා කරයි.

වර්ජනය අවසන් කිරීමට ඔවුන් තීන්දු කළේ කිසිදු සාධනීය ප්‍රතිඵලයක් දිනා ගෙන නොවන බවට එම සංගමයේ ලේකම් චන්දිමාල් විජේරත්න චෝදනා කරයි.

“විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගත්තා වු නිගමනය සම්බන්ධයෙන් අපේ කිසිම එකඟත්වයක් නෑ. මේ වැඩවර්ජනය අතහැරීමට ඔවුන් තීරණය කළේ කිසිම සාධනීය ප්‍රතිඵලයක් ලැබිලා නෙමෙයි. එහෙම නම් වැඩවර්ජනය අතහැරීමට තිබුණේ, අගමැති සමඟ සාකච්ඡාව අවසන් වු දවසේමයි.

නමුත් අද වෙනකොට අලුත් දෙයක් නොලැබී තිබිය දී මේ වැඩ වර්ජනය පවාදීමක් හැටියට තමයි අපි දකින්නේ. ඇත්ත වශයෙන් ම ආණ්ඩුවත් එක්ක යම් ආකාරයක ගිවිසුමක් තිබුණා ද කියලා අපට සැක හිතෙනවා. ඒකට හේතුව පසුගිය දවස් ටිකේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හා ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි එකමුතුවත් අතර එකඟතාවක් ඇති කරන්නට යම් යම් කොටස් උත්සහ කළා. ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සමහර නායකයෝ ඒකට විරුද්ධ වුණා. ඒකෙන් තේරෙන්නේ යට යම් ආණ්ඩුව සමඟ ගිවිසුමක් ඇති බවය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස