අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟවුණා..! අගමැති තෝරන්නේ ජාතික සභාවෙන්..! මෛත්‍රී..

April 29, 2022 at 2:01 pm | by emanisa.lk

සියලු පක්ෂවලින් සැඳුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) මේ බව ප්‍රකාශ කළේය.

එම ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීම සියලු පක්ෂවල නායකයින්ගෙන් සැඳුම්ලත් ජාතික සභාවක් වෙත පැවරීමට ද එකඟතාව පල වූ බව ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *