අධිකරණ ඇමැති අලි සබ්රි සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බවට අන්තර්ජාලයේ හුවමාරු වන පුවත්වල කිසිදු සත්‍යයතාවක් නොමැති බව ඇමැති සම්බන්ධීකරණ ලේකම් ශමීර් සවාහිර් පවසයි.
සමාජ ආන්දෝලනයට තුඩු දෙන මෙවැනි වඟකීම් විරහිත ප්‍රචාරයන් පිළිබඳ කනගාටු වන බව ද ඔහු වැඩි දුරටත් පවසයි.
ඇමැති සබ්රි සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් සහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බවට අන්තර්ජාලයේ පුවත් හුවමාරු වීම පිළිබඳ අදහස් දක්වමින් ඇමැති සම්බන්ධීකරණ ලේකම්වරයා මේ බව පවසා තිබේ.