විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය පවසයි.
අධිකරණ ක්ෂේත්රයේ අභිමානය සහ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම සලකා බලමින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස මහා නායක හිමිවරුන් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත.
විනිසුරු මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්රය ඇතුළු විවිධ පාර්ශ්වයන් අතර දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම පියවර ගෙන ඇත.
මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමය, ලංකා සභාව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමය, සත්‍ය හා යුක්තිය උදෙසා වූ නීතිඥයෝ, දිනන දකුණ ඇතුළු පාර්ශ්ව විශාල ප්‍රමාණයක් මෙම ව්‍යවස්ථා සංශෝධනයට සිය විරෝධය ප්‍රකාශ කර ඇත.