අද මේක පඬු කරඳ ගහකටවත් ආරක්ෂාවක් නැති රටක්…!

August 23, 2023 at 8:31 am | by emanisa.lk

අද ලංකාව පඬු කරඳ හකටවත් ආරක්ෂාවක් නැති රටක් බවත් මහා රාත්‍රියේ පැමිණ ගස ගලවාගෙන ගොස් වළ දමන රටක් බිහි වී තිබෙන බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

පසුගිය වසරක කාලයක් ඇතුළත වන අලින් 439 දෙනකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ පුරවැසියන්ට පමණක් නොව සතා සිවුපාවුන්ට පවා ආරක්ෂාව නැති රටක් නිර්මාණය වී ඇති බව යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පුරවැසියන්ට පමණක් නොව පරිසර පද්ධතියට ද ආරක්ෂාව තිබෙන රටක් ගොඩනගන බව ද හෙතෙම එහි දී සඳහන් කළේය.

රට අතහැර යන ක්‍රියාවලිය වෙනුවට රට හැරගිය අය නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අනුර දිසානායක තව දුරටත් කියා සිටියේය.

එම පක්ෂයේ ගම්පහ ආසන බල මණ්ඩල සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *