අදත් කොවිඩ් ආසාදිතයින් 1843ක්….! සති දෙකෙන් රට ඉන්දියාවේ තත්ත්වයට…! – විශේෂඥයෝ අනතුරු අඟවති…

May 2, 2021 at 9:10 pm | by emanisa.lk

අද (02) දිනය තුළ දී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,843ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන මෙය වේ. පසුගිය අප්‍රේල් 27 වන දා සිට දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය දහස ඉක්මවා ගිය අතර එම ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යනු දැකගත හැකි ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පෙන්වා දෙන්නේ, කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුණහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණදීමට සිදුවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *