හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම අද (09) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.
ඒ රංජන් රාමනායක මන්ත්‍රී ධූරයට දැරීමට නුසුදුස්සෙකු වීම නිසා හිස් වූ මන්ත්‍රී අසුනේ ය.
පසුගිය මහා මැතිවරණයේ දී ගම්පහ සමගි ජන බලවේග පරාජිත ලැයිස්තුවේ ඉහළින් ම සිටියේ අජිත් මාන්නප්පෙරුම ය.
ඔහු සඳහන් කර තිබුණේ කනගාටුවෙන් වුවත් වෙනත් කළ හැකි දෙයක් නොමැති නිසා මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව ය.