හරිම දුකයි ඉතින්…! වෙන කරන්න දෙයක් නෑ නේ….! ඒ නිසා මන්ත්‍රීකමේ දිවුරුම් දෙනවා…! – මාන්නප්පෙරුම

April 9, 2021 at 7:31 am | by emanisa.lk

කනගාටුවෙන් යුතුව පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසයි.

මේ වන විට මන්ත්‍රි ධූරයක් පුරප්පාඩු වී ඇති බවත් දිවුරුම් දීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊයේ පස්වරුවේයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම බොහෝ දුරට අද දිනයේ නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *