අගමැති සටනට රනිල් සූදානම්… වහාම පක්ෂ කමිටු කැඳවයි..!

September 23, 2024 at 3:10 pm | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබේ.

ඊයේ (21) ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එම පක්ෂ කළමනාකරණ කමිටුව හමුවී හිටපු ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

සියලු ම දිස්ත්‍රික්කවල නාමයෝජනා ලැයිස්තු සඳහා තරුණයන් 05 දෙනෙකුට අවස්ථාව ලබා දෙන ලෙසට ද එහි දී උපදෙස් දී ඇත.

පසුගිය ජනාධිපතිවරණයට අලියා ලකුණ යටතේ තරඟ නොකිරීමේ අවාසි පිළිබඳ ද කළමනාකරණ කමිටුවේ සාකච්ඡා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *