වයඹ ජනතාව දිගින් දිගට ම මගේ සේවය ඉල්ලනවා…! ශ්‍රීලනිප සන්ධානයකින් වයඹ මහ ඇමැති තරඟයට සූදානම්…! – දයාසිරි….

September 28, 2021 at 6:54 pm | by emanisa.lk

පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධූරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ නම් එම තීරණය ගැනීමට එක පයින් සූදානම් බවත් වයඹ පළාතේ හිටපු මහ ඇමැති විදිහට එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

තමාට වයඹ මහ ඇමැති ධූරය සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව දයාසිරි ජයසේකර වැඩිදුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *