අගමැතිකම දීලා මාව විනාශ කරන්න හැදුවේ…! මගේ පරිණතකම නිසා ඒ උගුලින් ගැලවුණා..! – සජිත්…

October 1, 2022 at 10:22 am | by emanisa.lk

ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට සිදු වූ ජනපති-අගමැති-මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටුකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වූයේ දින කිහිපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතය ම අවසන් කොට දැමීම බවත් බවයි, විපක්ෂ නායකවරයා අනාවරණය කළේ.

මේ බව තේරුම් නොගැනීමට තරම් තමන් දේශපාලනයේ අපරිණතයෙකු නොවන බව ප්‍රකාශ කළ විපක්ෂ නායකතුමා, එවැනි ලොසිංජරවලට තමන් නොරැවටෙන බව ද පැවසීය.

ආණ්ඩුව තමන්ට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමන් ඉල්ලා සිටින්නේ එක ම එක දෙයක් බවත්, ඒ අන් කිසිවක් නොව මැතිවරණයක් බවත් ඔහු අවධාරණය කළේය.

තිස්සමහාරාම බෙරලිහෙළ දී ගොවි ජනතාවට කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහනකට ඊයේ (30) එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *