අගමැතිකම අතහරින්න මහින්ද සූදානම්…! ඊළඟ අගමැති ඩලස් විය යුතුයි…! – ඩීලාන්…

May 2, 2022 at 7:00 pm | by emanisa.lk

පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පවසයි.

එම අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම බව හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී වැඩි ම ජනවරම ලැබුණේ පොහොට්ටුවට හෙයින් අගමැතිවරයකු පත් කිරීමේ අවස්ථාව ඒ කණ්ඩායමට ලැබිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

සමහරුන් වැරදි කරපු බව ඇත්ත බවත් ඒ අයගේ උද්දච්චකම් ඔලමොට්ටලකම් ආඩම්බකම් නිසා මේ දේ සිදුවුණු බව පිළිගෙන මේ මොහොතේ කළ හැකි හොඳම දේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත් ඔහු කීවේය.

අන්තර්කාලීන රජය සම්බන්ධයෙන් පිළිගත හැකි නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව ද ඩිලාන් පෙරේරා පැවසීය.

රට වෙනුවෙන් තනතුරු අත්හළ කෙනෙකු වන මහින්ද රාජපක්ෂ මේ අගමැති ධූරය ලොකු දෙයක් නොවන බවත් ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *