ඩලස් අගමැතිකමට මුට්ටිය දමයි…! දීර්ඝ ලිපියකින් අර හාමුදුරුවන්ටත් බෙදන්න කියයි..!

April 23, 2022 at 6:29 am | by emanisa.lk

ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්, ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අ‍දෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරිකරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජයගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව දැනුම් දී තිබේ.

ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයක් සහිත අභියෝගයන් ලුහුබැඳිය හැකි කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය පැසසිය යුතු නමුදු එයද පමා වූ විසඳුම් ගොන්නට එකතු වී හමාර බවයි අලහප්පෙරු සිය ලිපියෙන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්ව නව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමේ තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බවත් ඔහු සිය ලිපියෙහි දක්වා ඇත.

මේ අතර ඇතැම් පාර්ශ්ව ඩලස් අලහප්පෙරුම ඊළඟ අග්‍රාමාත්‍ය ධූරය සඳහා යෝජනා කර තිබෙි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස