ඩලස් අගමැති කරන්නේ ඇමරිකානු පුරවැසියෙක් නිසා ද? – විජේදාස පුත් රඛිත

April 25, 2022 at 12:46 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය ධූරය සඳහා යෝජනා වී ඇති ඩලස් අලහප්පෙරුමට ඇමරිකාවේ ස්ථිර පදිංචිය (permanent residence) ඇත්දැයි රඛිත රාජපක්ෂ ප්‍රශ්න කරයි.

එසේ නොමැති නම් ඔහු ඇමරිකානු පුරවැසියෙකු දැයි විමසන රඛිත රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් යහළුවෙකු වීමට අමතරව අගමැති ධූරය සඳහා ඔහුට ඇති සුදුසුකම් මොනවා දැයි විමසා සිටියි.

රඛිත රාජපක්ෂ, මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත්‍රයාය. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව විමසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *