⁣මේ අමාරු වෙලාවේ පොහොරවලින් ගසා කෑවා නම් ශාප දෙනවා…! – රාජ්‍ය ඇමැති දයාසිරි…

November 25, 2021 at 12:27 pm | by emanisa.lk

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.

දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේ දී අර්බුදයක් මතු වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

රජය දැන් අවසර දී ඇතත් පොහොර ගෙන්වීම හදිසියේ කලබලේ කළ හැක්කක් නොවන බවත් එය එසේ කිරීමට ගොස් දැන් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ල වන බව ද ඔහු පැවසීය.

මෙතරම් අසීරු අවස්ථාවක ද පොහොරවලින්ද වංචා කර ඇත්නම් ඔවුනට සාප වන බවත් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස