හෙළ උරුමය අතැර එන පාඨලීට සජිත්ගෙන් උප සභාපතිකම! ඩුප්ලිකේට් වියත්මගක් හදන්නත් සැලසුම්!

December 14, 2020 at 8:03 am | by emanisa.lk

ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවකට සමගි ජන බලවේගයේ උප සභාපති ධුරය ලබාදීමට පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් වන බව වාර්තා වෙයි.

පාඨලී චම්පික රණවකට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක ධුරය ලබාදෙන බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කෙරුණද, එම පක්ෂයේ යෝජිත ව්‍යවස්ථාවේ නියෝජ්‍ය නායක ධුරයක් නොමැති බව සඳහන් වෙයි. මේ වන විට එම පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කෙරෙමින් පවතින අතර එය ලබන සතියේ විධායක සභාවට යොමු කර අනුමැතිය ලබා ගැනීමට නියමිත ය.

නව පක්ෂ ව්‍යවස්ථාවේ උප සභාපති ධුරයක් පමණක් ඇතුළත් කර ඇත. ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවක වියත් මග වැනි විද්වතුන්ගෙන් සමන්විත සංවිධානයක් බිහි කිරීමට ද සැලසුම් කර තිබේ. නිදහස් අධ්‍යාපනයෙන් උගත් විද්වතුන් ඒකරාශී කර ගනිමින් මෙම සංවිධානය බිහි කිරීමට සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *