හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය නැවතත් කොළඹට..!

October 13, 2020 at 8:06 am | by emanisa.lk

පසුගිය දා විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබිණි.

ඒ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න ද කන්කසන්තුරේට මාරු වීමක් ලබා දී තිබිණි.

කෙසේ වෙතත් යළි ඔහු කොළඹට මාරු කර ඇති බව වාර්තා වෙයි.

ජාලිය සේනාරත්න ඊයේ පොලිස් කොමිසමට පැමිණ පැය තුනක් පමණ එහි රැඳී සිටි බව ද වාර්තා විය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස