හිටපු නියෝජ්‍ය ඇමැති සරණ දිනක් ඇතුළත නඩු අටකින් නිදහස් වෙයි….!

July 30, 2021 at 12:35 pm | by emanisa.lk

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ගොනුකර තිබූ අල්ලස් නඩු අටකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (30) නියෝග කළේය.

ඒ ලොතරැයි මණ්ඩල සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණයක් සිදුකළ බවට චෝදනා ගොනු කරමින් ගොනු කර තිබූ නඩු 08කි.

තාක්ෂණික දෝෂයක් මත තව දුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බැවින් මෙම නඩු ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීමකට අනුව එම චූදිත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්තිය ප්‍රකාරව මෙම නඩු අටෙන් චූදිත නිදහස් කරන බව අධිකරණය දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *