හාල් රු. 100ට වඩා ඉහළ යන එක ගැටලුවක් නෙමෙයි….! පීඩිත පන්තිය අපේ හාල් කන්නේ නෑ….! – ඩඩ්ලි….

March 26, 2021 at 5:07 pm | by emanisa.lk

මෙවර කන්නයෙන් වී අතිරික්තයක් ඇති බවට ආණ්ඩුව පවසන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට වී නිෂ්පාදනය වී නොමැති බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

බත් ටික කන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වගකීම ඇත්තේ තමන්ට නොවන බව ද ඔහු පවසයි.

එසේ ම සහල් කිලෝවක මිල රු. 100ට වඩා ඉහළ යෑම ගැටලුවක් නොවන බවත් පීඩිත පන්තියේ ජනතාව තමන්ගේ සහල් නොකන බවත් ඩඩ්ලි සිරිසේන සඳහන් කරයි.

සහල් ආනයනය කිරීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් සහල් මාෆියාව බිඳින්නේ යැයි මේ රටට බත සපයන සහල් ව්‍යාපාරය බිඳ දැමූ දවසට වෙන දේ බලාගමු යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *