හරීන් කොවීඩ් එන්නත ප්‍රතික්ෂේප කරයි….! ප්‍රමුඛත්වය දිය යුත්තේ දේශපාලකයින්ට නොවන බවත් කියයි….!

February 16, 2021 at 10:24 am | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොවීඩ් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද කොවීඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ තීන්දු කර තිබිණි.

කෙසේ වුවද එන්නත ලබා දීමේ දී ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ කොවීඩ් මර්දන සටනෙහි ඉදිරිපෙළ කටයුතු කරන කණ්ඩායම් සහ වඩාත් අවධානම් ජන කණ්ඩායම් වෙත බව සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසයි.

අවම වශයෙන් ලක්ෂ 10කට කොවීඩ් එන්නත ලබා දෙන තුරු තමා එය ලබා නොගන්නා බව ද හරීන් ප්‍රනාන්දු අවධාරණය කරයි.

පසුගිය දින කිහිපය ඇතුළත මෙරට ලක්ෂ 2කට අධික පිරිසකට එනන්ත ලබා දී ඇති අතර ඒ අනුව හරීන් ප්‍රනාන්දුට තව දින කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත. කෙසේ වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා සඳහන් කළේ මෙරට ජනතාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත බාල එන්නතක් බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *