හම්බන්තොට රෝහල විවෘත කරන්න අවුරුදු 04ක් ප්‍රමාද වුණේ මුදල් අපහරණය නතර කළ නිසායි! – ඇමති රාජිත

July 1, 2019 at 9:24 pm | by emanisa.lk

හම්බන්තොට මහ රෝහල විවෘත කිරීම ප්‍රමාද වූයේ මුදල් අපහරණය නිසා බවත් එම මුදල් අපහරණය නතර කර නවීන රෝහලක් හම්බන්තොටට ලබා දීමට ආණ්ඩුවට හැකි වූ බවත් ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ විවෘත කරන ලද අවස්ථාවේය.

නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ යුරෝ මිලියන 46.08ක් වැය කරමින් සාදා නිමකළ මෙම රෝහලේ ඇඳන් 850ක් ශල්‍යාගාර 07 ක්, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, දැඩි සත්කාර ඒකක, හෘද රෝග ඒකක, වෛද්‍ය හා හෙද නිල නිවාස, නවීන වෛද්‍ය උපකරණවලින් සහ අතිනවීන සීටී ස්කැනර් යන්ත්‍රයකින් ද යුක්ත වෙයි.

මෙම රෝහල ඉදිකිරීම සඳහා 2011 ජුනි 21 දින ගිවිසුම් අත්සන් කළ අතර 2012 ජුලි 16 ආරම්භ විය. 2015 වසරේ ජුනි මස එහි ඉදිකිරීම් කටයුතු අවසන් විය.

රෝහලට අවශ්‍ය උපරකණ මිලයට ගැනීමේ දී සිදු වූ මුදල් අපහරණය වැළැක්වීමට කටයුතු කළ නිසා රෝහල විවෘත කිරීමට ප්‍රමාද වූ බව ඇමතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස