හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 51කින් සම්මතයි…!

September 6, 2021 at 5:08 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කථානායකවරයා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් ලැබුණු බවය.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 81කින් සම්මත විය.

සමගි ජන බලවේගය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ හදිසි නීතිය පැනවීමට එරෙහිව වන බව මෙයට පෙර ප්‍රකාශයට පත්කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *