සෞඛ්‍ය අංශ අවවාද නොතකා හරී…! නුවරඑළියට දහස් ගණනක්….! සංචාරක නිකේතන පිරී යයි…!

April 25, 2021 at 7:27 am | by emanisa.lk

කොවිඩ් සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සති අන්තයේ විනෝද චාරිකා නොගොස් නිවසට වී සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබිය දීත් ඊයේ (24) වන විටත් නුවරඑළියට විශාල දේශීය සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන වසන්ත උදානයට සමගාමීව ඊයේ දිනයේත් තරඟ රැසක් පැවැති අතර එම තරඟ නැරඹිමට විශාල පිරිසක් පැමිණ තිබේ.

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැඳී සිටින අතර නුවරඑළිය නගර සභා සීමාවේ පිහිටි නිවාඩු නිකේතන ද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන් ගෙන සිටින බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *